ප්‍රමුඛ පුවත 1

සැත්කම් සදහා අවයව ප්‍රවාහනය ගුවනින්…

(UTV| කොළඹ) – බද්ධ සැත්කම් කිරීම සඳහා අවශ්‍ය අවයව ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට යෝජනාවී ඇත.

ඒ සදහා නීති ප්‍රතිපාදන සලසා ගැනීම වෙනුවෙන් පනතක් ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති බව සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ වනවිට දිවයින පුරා රෝහල් රැසක විවිධ බද්ධ කිරීම් කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය අවයව කඩිනමින් රෝහල වෙත ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින්.

මෙම කාර්ය අඛණ්ඩව කරගෙන යාම සඳහා පාර්ලිමේන්තුට පනතක් ඉදිරිපත් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට යෝජනා කර ඇත.

මේ වනවිට අක්මා, හදවත්, පාද, අත්, ඇටමිදුලු වැනි බද්ධ කිරීම් රෝහල්වල සිදු කරනු ලබන අතර බද්ධ කිරීම් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමටත්, ගැටලු හඳුනා ගැනීමටත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙහි අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු තනතුරු නම් සංශෝධනයට [video]

Mohamed Dilsad

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් යළිත් රතු එළියක්

Mohamed Dilsad

ලොතරයිපතක මිල නැවත රුපියල් 20 වෙයි

Mohamed Dilsad

Leave a Comment