ප්‍රමුඛ පුවත 1

අලි රොෂාන් CID අත්අඩංගුවට…

(UTV| කොළඹ) – අලි රොෂාන් යන අන්වර්ත නාමයෙන් හදුන්වන නිරාජ් රොෂාන් ඊයේ (06) රාත්‍රී 12.00 ට පමණ මහරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වනාන්තරවල සිටින අලි පැටවුන් අල්ලා ගෙනවිත් විවිධ පුද්ගලයන්ට විකුණූ බවට සහ ඔහු සන්තකයේ අලි පැටවුන් රඳවාගෙන සිටි බවට චෝදනා එල්ල වී ඇත.

එලෙස ඔහු රඳවාගෙන සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාරදුන්හ.

ඔහුව මීට පෙරද 2015 වසරේදී අලි ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

පළාත් කීපයකට වැසි

Mohamed Dilsad

සියලුම පාසල්වල ආපන ශාලා පරික්ෂාවට.

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment