ප්‍රමුඛ පුවත 1

මෙරට විදුලි ක්ෂේත්‍රයේ ඉදිරි මග පිළිබඳ ජනපති අවධානය

(උදයම්,කොළඹ)  –   පරිසරය සුරකිමින්, ආර්ථීකය නංවමින්, විදුලි ක්ෂේත්‍රය ගොඩනගන ඉදිරි මග පිළිබඳ ජනාධිපතිවරයා සහ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුන් සාකච්චා කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර සාකච්ඡාවක් ඊයේ(21) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහිදී අනාගතයේ දී බලාගාර ඉදිකළහැකි ස්ථාන සැලසුම් කිරීම, ජල විදුලියෙන් පසු ඊළග පියවර ලෙස විශාල පරිමාණයේ සුළං බලාගාර කරා ගමන් කිරීම වැනි කරුණු පිළිබදව මෙහිදී ඉංජිනේරු සංගමය දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම්කරණ අඩු වියදම් බලාගාරවලට එරෙහිව අන්තගාමී බලවේගවලින් එල්ල වී ඇති අභියෝග පිළිබව ද ඉංජිනේරු සංගමය වෙතින් කරුණු ඉදිරිපත් කෙරිණි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.ඩී.එස්. විජේපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

බුර්කාව තහනම් කෙරෙන පනත් කෙටුම්පත් කැබිනට්ටුවට

Mohamed Dilsad

ජනපති ආණ්ඩුකාරවරුන් හමුවේ

Mohamed Dilsad

සියළු ලියාපදිංචි පක්‍ෂවල තොරතුරු එකම වෙබ් අඩවියකින්

Mohamed Dilsad

Leave a Comment