ප්‍රමුඛ පුවත 1

නවකවද සිද්ධියට සම්බන්ධ සරසවි සිසුන්ගේ පන්ති තහනම්

(උදයම්,නුවර එළිය)  –  නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ සිසුන් 15 දෙනාගේ පන්ති තහනම්  කර තිබේ.
උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ප්‍රකාශ කළේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් වනතුරු මෙම පන්ති තහනම ක්‍රියාත්මක වන බවය.

ඔහු මේ බව කියා සිටියේ පස්වරුවේ උපකුලපති කාර්යාලයේ  පැවති  මාධ්‍ය හමුවකදිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකාර සිසුන් 15 දෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

අලව්ව සහ පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

Mohamed Dilsad

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයි

Mohamed Dilsad

හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment