ප්‍රමුඛ පුවත 1

නවකවද සිද්ධියට සම්බන්ධ සරසවි සිසුන්ගේ පන්ති තහනම්

(උදයම්,නුවර එළිය)  –  නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ සිසුන් 15 දෙනාගේ පන්ති තහනම්  කර තිබේ.
උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ප්‍රකාශ කළේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් වනතුරු මෙම පන්ති තහනම ක්‍රියාත්මක වන බවය.

ඔහු මේ බව කියා සිටියේ පස්වරුවේ උපකුලපති කාර්යාලයේ  පැවති  මාධ්‍ය හමුවකදිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකාර සිසුන් 15 දෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ

Mohamed Dilsad

අද සිට දීප ව්‍යාප්ත ‍ඩෙංගු මර්ධන වැඩසටහනක්

Mohamed Dilsad

මීගමුවේ සිදුවූ ගැටුම් හේතුවෙන් හානි වූ දේපළවලට වන්දි.

Mohamed Dilsad

Leave a Comment