ප්‍රමුඛ පුවත 1

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා 2018 ප්‍රදර්ෂණය නැරඹීමට මැති රිෂාඩ් එක් වෙයි

(UTV|මොණරාගල) – සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා 2018 ප්‍රදර්ශනය මොණරාගලදී ඇරැඹේ.

සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ” 2018 ජාතික ප්‍රදර්ශනයේ නිල සමාරම්භක උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29දා මොනරාගලදී ආරම්භ කෙරිණ.

සමාරම්භක අවස්ථාවට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඇතුලු මැතිඇමතිවරු විශාල පිරිසක් සහභාගී වූහ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති, ලංකා සතොස, රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, පේෂ කර්ම දෙපාර්තමේන්තුව, මන්තායි ලුණු සමාගම, පරන්තන් කෙමිකල් සමාගම, ඇතුළු ආයතන රැසකින් ප්‍රදර්ශන කුටි එක් කර තිබිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන විදේශ ඇමති දිවයිනට පැමිණේ [VIDEO]

Mohamed Dilsad

ඩොලර් මිලියන 480ක ප්‍රදානය නොලැබුණහොත් පාඩු සිදුවන්නේ ලංකාවටයි

Mohamed Dilsad

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment