ප්‍රමුඛ පුවත 1

පියාගේ මළගම වෙනුවෙන් මාකඳුරේ මදූෂ්ගෙන් අමුතුම ප්‍රකාශයක් එළියට

UTV | COLOMBO – රිය අනතුරකින් මියගිය පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමඟුල පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ දේහය මිහිදන් කරන අවස්ථාවේ හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනින් මල් ඉසීම සහ අවමඟුල් උත්සවයට පැමිණ සිටි පිරිසට බෙදා දී තිබූ අත් පත්‍රිකා පිළිබඳවයි.

එහිදී නිසඳැස් සහ කවි පේලි සිය පියාගේ ගුණ වයමින් පාතාල නායක මදුෂ් සිදුකරණ ප්‍රකාශයක් ලෙස ඒවා මුද්‍රණය කර තිබීම විශේෂත්වයක්.

ඩැනී හිත්තැටිය ඝාතනයෙන් කරළියට ආ මධුෂ් පසුව දකුණු පළාත හොල්ලමින් කොල්ලකෑම් රැසක් සිදු කළා.

පාතාල මර්දන ඒකකයන් වෙත මේ වන විට තොරතුරු ලැබී ඇත්තේ මධුෂ් දැනට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන බවයි.

මේ අතර පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු සඳහා හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනින් මල් ඉසීම පිළිබදව පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුකෙරුණු අතර, එහිදී හෙලිකොප්ටරයක ආධාරයෙන් අවමංගල්‍ය පෙරහරට ගුවනින් මල් ඉසීම ද විශේෂත්වයක්.

එම හෙලිකොප්ටරය මෙරට පෞද්ගලික ආයතනයකට අයත් වන අතර, අදාළ සමාගමට ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල් ගෙවා ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නැමැති පුද්ගලයෙකු විසින්.

එමෙන්ම දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් විසින් දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවී ලෙස නරඹා ඇති බවට ද වාර්තා වනවා.

මීට අමතරව දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාතාල කල්ලි සාමාජිකයින් රැසක් ද පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

පියාගේ දේහය තැන්පත් කර තිබූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසට මාකඳුරේ මධුෂ් පැමිණෙනු ඇති බවට පළ වූ වාර්තා සමඟ පොලිස් ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා.

කළුතර – වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මාකඳුරේ මධුෂ්ගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය 29 වන දායි.

Related posts

නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

Mohamed Dilsad

වර්ජනය තිබුණද නව දඩ පත්‍රිකාව හකුලන්නේ නෑ – ඇමති සිරිපාල කියයි

Mohamed Dilsad

Leave a Comment