ප්‍රමුඛ පුවත 1

දකුණු පළාත් ලංගම වර්ජනය අඛණ්ඩව

(UTV| කොළඹ) – දකුණු පළාත් ලංගම සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

එම ලංගම සේවකයින් හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(04) ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවැත්වේ.

ඊට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

ඊයේ(03) ලංගම සභාපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පැවසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දකුණු පළාතේ ඩිපෝවල සේවකයින් පසුගිය අඟහරුවාදා සිට වර්ජනයක නිරතවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සමඟ වැඩකළ හැකි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂී ගිවිසුම් තුනකට එළඹීමට ජනපති සහ චීනය සූදානම්

Mohamed Dilsad

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකියි- ජනපති

Mohamed Dilsad

Leave a Comment