ප්‍රමුඛ පුවත 1

වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ වන විට අප රටේ කොපමණ කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන්නේ ද යන්න පිළිබඳ නිවැරදිම තොරතුරු රජයට අවශ්‍යව තිබේ. එයට හේතුව නම් මේ වන විට බොහෝ කුඹුරුවල කෙසෙල්,පැපොල් වැනි වෙනත් බෝග වර්ග වගා කිරීමටත්, කුඹුරු ඉඩම් ගොඩ කර වෙනත් ඉදි කිරීම් සිදු කර ඇති නිසාත්, වගා කෙරෙන කුඹුරු ඉඩම් පිළිබඳ මෙතෙක් නිවැරදි තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව නැත.

එම නිසා ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව ගුවනින් ලබා ගන්නා සිතියම් හා දත්ත මත වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේ ය.

කුඹුරු වගා කෙරෙන ප්‍රමාණය මෙන් ම දැනට පුරන්ව තිබෙන කුඹුරු ප්‍රමාණය හා ඇතැම් පුද්ගලයින් විසින් නිතීවිරෝධීව ගොඩ කර තිබෙන කුඹුරුත් නිසා වාර්ෂිකව රටට ලැබෙන වී අස්වැන්න පිළිබඳව පුරෝකථනය කිරීමේදීත්, පොහොර සහනාධාර ලබා දීමේදීත් මෙම නිවැරදි තොරතුරු නොමැතිකම මහත් බලපෑමක් එල්ල කර තිබේ.

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින දත්ත මීට වසර කිහිපයකට පෙර ලබා ගත් ඒවා ය. ඒ අනුව,යල කන්නයේදී වගා කෙරෙන කුඹුරු ප්‍රමාණ හෙක්ටයාර් ලක්ෂ හතරාහමාරක් ද, මාස් කන්නයේදී හෙක්ටයාර් හත්ලක්ෂ හතලිස් දහසක් ද වන අතර සමස්තයක් ලෙස ගත් කළ අප රටේ කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් ඇති බවට තොරතුරු තිබේ.

නමුත් මෙම ඉඩම්වලින් වර්තමානයේ බොහෝ ඉඩම් ප්‍රමාණයක් අතුරු වගාවන් හා ඉඩම් ගොඩ කිරීම නිසා වී වගා කෙරෙන්නේ නැති බවට ද තොරතුරු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම්

Mohamed Dilsad

නව විගණන පනත ගැන දැනුවත් කිරීමක් .

Mohamed Dilsad

විදේශීය මුදල් තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment