ප්‍රමුඛ පුවත 1

යල කන්නයේ වී මිලදී ගැනීමට සුදානම්

(UTV| කොළඹ) – යල කන්නයේ වී මිලදී ගැනීම ලබන 04 වන දා ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේය.

මෙවර යල කන්නයේ වී අලෙවි මණ්ඩලය මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් බවත් එ මහතා පැවසුවේය.

අම්පාර දිස්ත්‍රික්කයේ ගොනාගොල්ල ප්‍රදේශයේ පිහිටි වී ගබඩාවෙන් මෙවර මිලදී ගැනීම් ආරම්භ කෙරෙන අතර නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 41 ක මිලට ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

එම වී තොගවල තෙතමනය 14% අඩුවිය යුතු අතර බොල් ප්‍රතිශතය 9% ක් විය යුතු බවත් එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 ක් වන බවද හෙතෙම වැඩි දුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ට කැඳවීමක්

Mohamed Dilsad

නානුඔය කලහකාරී ලෙස හැසිරුණු පිරිස රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

Mohamed Dilsad

Leave a Comment