ක්‍රීඩා

සංගක්කාරට සමවිමට කෝලිට අවස්ථාවක්

(UTV| කොළඹ) – එංගලන්තය සමග නොටින්හැම් හිදී පැවැති පසුගියදා තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 97 ක්‌ සහ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක්‌ ලබා ගත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි වත්මන් ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථානයට යළි පත් විමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල වැඩිම ප්‍රසාද ලකුණු ලබාගත් පළමු පිතිකරුවන් දහ දෙනා අතරට එක් විමට විරාත් කෝලිට එක් ප්‍රසාද ලකුණක් ලබා ගැනිමට අවශ්‍යව තිබේ.

මේ වන විට ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 937 ක්‌ ලබා සිටින කෝලි තවත් එක්‌ ප්‍රසාද ලකුණක්‌ ලබා ගතහොත් එනම් 938 ක් දක්වා පැමණිමට හැකි වුවහොත් ලෝක ටෙස්‌ට්‌ පිතිකරුවන් අතර වැඩිම ප්‍රසාද ලකුණු ලැබු පිතිකරුවන් දහ දෙනාගේ කණ්‌ඩායමට එකතු වේ.

ප්‍රසාද ලකුණූ 938 ලබා ගත් ක්‍රීඩකයින් ලෙස කුමාර් සංගක්කාර,විවියන් රිච්ඩ්සන්,ක්ලයිඩ් වොල්කට්,ගැරී සොබර්ස් සිටින අතර ප්‍රසාද ලකුණූ 961 ක් ලැබු සර් ඩොනල්ඩ් බැඩ්මන් එම ලැයිස්තුවේ ප්‍රමුඛයා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට ඩිවිලියර්ස්

Mohamed Dilsad

Leave a Comment