ක්‍රීඩා

ඉන්දීයාව කණ්ඩායමට තරුණයෙක් කැඳවයි

(UTV|ඉන්දියාව) – සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්විමට නියමීත ඉතිරි ටෙස්ට් තරග 02 සඳහා නම් කළ ඉන්දීය සංචිතය සඳහා දහඅට හැවිරිදි පිතිකරුවෙක් වු ප්‍රිත්වි ෂෝ කැඳවා තිබේ.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ වෙනුවට මෙම කැඳවිමට කර තිබේ.

පළමු පෙළ තරග 14 කට ක්‍රීඩා කර ඇති ප්‍රිත්වි ශතක 07 ක් රැස් කර තිබේ.

එසේම පසුගියදා අවසන් වු 19 න් පහළ එක්දින ලෝක කුසලාන දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේද ඔහුය.

පසුගිය ජුලි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඒ සමග පැවති තරගයකදී ඉන්දීය ඒ කණ්ඩායම වෙනුවෙන් සිව්දින තරගයකදි ලකුණූ 188 ක් රැස් කිරිමටද සමත් විය.

දෙරට අතර තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට 2-1 ලෙස පෙරමුණ ගැනිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටින අතර දෙරට අතර සිව්වැනි ටෙස්ට් තරගය සවුත්හැම්ප්ටන්හිදි ලබන 30 වැනිදා ආරම්භ විමට නියමීතය.

සිව්වැනි හා පස්වැනි තරග සඳහා ඉන්දීය සංචිතය – විරාත් කෝලී (capt), ෂිකර් ධවාන්, කේ.එල් රාහුල් , ප්‍රිත්වි ෂෝ, චෙස්වර් පුජාරා, අජන්කයා රහානේ, රිෂාබ් පන්ට් (wk), හර්දීක් පාණ්ඩියා, රවීචන්ද අශ්වින්, රවින්ද ජඩේජා, ජස්ප්‍රිට් බුම්රා, ඉෂාන්ත් ශර්මා, මොහොමඩ් සාමී, උමේෂ් යාදව්, ශර්ඩුල් ථාකූර්, කුරන් නායර්, දිනේෂ් කාර්තික් (wk), හනුමා විහාරි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තාන සංචාරයට ක්‍රීඩකයින් දස දෙනෙකුගේ අකමැත්ත…

Mohamed Dilsad

ආසියානු පැරා ක්‍රීඩා තරඟය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උණුසුම්ව පිළිගනිති

Mohamed Dilsad

ග්‍රැහැම් ෆෝර්ඩ් 28 වනදා යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment