Trending News

බැඳුම්කර සිද්ධිය පිළිබද අද මහබැංකු අධිපතිගෙන් අදහස් විමසයි

(උදයම්,කොළඹ)  – බැඳුම්කර සිද්ධිය පිළිබද සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මහජන අදහස් සහ සාක්ෂි විමසීම අද ආරම්භ වේ.
මහජන අදහස් සහ සාක්‍ෂි ලබා ගැනීමට පෙර ඒ සමබන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස වත්මන් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද කැදවනු ඇත.
ඒ අනුව කොළඹ – 12 අධිකරණ මාවතේ පිහිටි අංක 94 දරණ අධිකරණ කාර්යාල පරිශ්‍රයේදී අදාළ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කළ ජනපති කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන අයගෙන් සමන්විත වන අතර ඔවුන් පළමු වරට රැස් වුණේ පසුගිය 6 වනදා ය.

Related posts

Police completed 110 corruption investigations

Mohamed Dilsad

“New Year will be a challenge for Sri Lanka” – Premier

Mohamed Dilsad

சாய்ந்தமருது உள்ளுராட்சிமன்ற கோரிக்கை தொடர்பில் “சுமூகமான முடிவுக்கு மக்கள் காங்கிரஸ் ஆதரவு”- அமைச்சர் ரிசாத் பதியுதீன்

Mohamed Dilsad

Leave a Comment