ප්‍රමුඛ පුවත 1

විල්පත්තුවේදී වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබයි

(UTV|) – විල්පත්තු වනෝද්‍යානයේදී සිදු කළ පහරදීමකින් වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොහොඹපිටිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔවුන් මෙම වනජීවි නිලධාරීන්ට පහරදී ඇත.

නිලධාරීන් දෙදෙනා මේ වන විට විලච්චිය ප්‍රාදේශීය ‍රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීවරයෙකු සහ ක්ෂේත්‍ර සහයක නිලධාරියෙකි.

මෙම ගැටුම අතරතුර එක් නිලධාරියෙකු සතුව තිබූ රාජකාරී ගිනි අවියට ද සැකකරුවන් හානිකර ඇති බව වාර්තාවේ.

ප්‍රහාරයට සම්බන්ධ එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස පළාගොස් තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස රාජිත සේනාරත්න යලි පත්වේ.

Mohamed Dilsad

ඇල්පිටිය ජයගත් සභිකයන් ඉදිරි දින දෙක තුල ගැසට් කෙරේ

Mohamed Dilsad

Leave a Comment