ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ජයගත් සභිකයන් ඉදිරි දින දෙක තුල ගැසට් කෙරේ

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සභිකයින්ගේ නාම ලේඛනය ඉදිරි දින දෙක තුළ ගැසට් පත්‍රිකාවක් මඟින් ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට සමත් වු අතර ඔවුන්ට හිමි වු සභික සංඛ්‍යාව 17කි.

එක්සත් ජාතික පක්ෂය මෙම ඡන්ද විමසීමේදී සභික ධුර 07ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය සභික ධුර 03ක් සහ ජනතා විමුක්ති පෙරමුණ සභික ධුර 02ක් හිමි කර ගැනීමට සමත් වුණි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත මෙම සභිකයින්ගේ නම් අදාළ පක්ෂවලින් දැනුම් දියයුතු වන අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා නම් කර දැනුම්දෙන ලෙස දැනුම් දී තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙම සියලු සභිකයින්ගේ නම් අද(14) දිනයේදී ලැබෙනු ඇති බවට විශ්වාස කෙරෙන බවයි.

අනතුරුව මෙම නාම ලේඛණය ඇල්පිටිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යැවීමට නියමිත අතර සභිකයින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය -ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට

Mohamed Dilsad

Leave a Comment