ප්‍රමුඛ පුවත 1

ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසළ තිබූ සිම් එකෙන් තොරතුරු රැසක් එළියට

(UTV| කොළඹ) – බැදුම්කර වංචාවට සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස්‌ රඳවා සිටින සිර මැදිරිය ආසන්නයේ තිබී සොයාගත් ජංගම දුරකථන සිම් කාඩ් පතක සටහන්ව තිබූ ජංගම දුරකථන අංක ඔස්‌සේ එම දුරකථන හිමි පුද්ගලයන් 12 දෙනකුගේ සුලමුල සොයාගත් බව රහස්‌ පොලිසිය සඳහන් කළේය.

මෙම සිම්කාඩ්පත සිරමැදිරිය ආසන්නයට විසිකළ පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

රහස්‌ පොලිසිය සදහන් කරන්නේ එම සිම්කාඩ් එකේ සටහන් වූ ජංගම දුරකථන අංක තුළින් ඉතා වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකි වන බවයි.

ආරක්‍ෂක හේතු මත මෙම දුරකථන හිමිකරුවන්ගේ නම් හෝ කිසිම තොරතුරක් හෙළිකල නොහැකි බවත් වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

Mohamed Dilsad

පොලිිස් පොඩ්ඩන්ගේ උසස්වීම් ගැටලු ඉවරයි – ඇමති සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment