ක්‍රීඩා

සිව්වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

(UTV|මහනුවර) – සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පල්ළේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 03 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

අයහපත් කාළගුණය හේතුවෙන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 21 කදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 191ක් රැස්කළ යුතුව තිබුණද කඩුලු 09 ක් දැවි ඔවුනට රැස්කළ හැකිවූයේ ලකුණු 187 ක් පමණි.

සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 04 ක් පමණි.

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස දැනටමත් දකුණු අප්‍රිකාව ජයගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

20යි විස්සෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Mohamed Dilsad

විරාත්ගේ නායකත්වයෙන් ඉන්දියාවේ තවත් ලෝක වාර්තාවක්

Mohamed Dilsad

මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment