ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය තව දුරටත්..උසස් පෙළ සිසුන්ට හමුදාවෙන් බස් රථ

(UTV| කොළඹ) – වැටුප් විෂමතා හේතුවක් මුල් කරගනිමින් දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ අද දිනයේත් කිසිදු දුම්රියක් මෙතෙක් ධාවනය නොවූ බවයි.

කෙසේ වෙතත් මේ දක්වා  ඔවුන්ට සාකච්ඡාවක් ලබා නොදුන් බව එම වෘත්තිය සමිති පවසයි.

ඊයේ පස්වරු 3ට මෙම දුම්රිය වර්ජනය ආරම්භ කෙරුණු අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත් වුහ.

එම අවස්ථාවේ දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථ වල නොමිලේ යා හැකි බව කොටුව දුම්රිය ස්ථානයෙන් නිවේදනය කළේය.නමුත් ලංගම බස් රථ වලට ගිය සෑම දුම්රිය මගියෙකුගෙන්ම මුදල් අය කර ගෙන තිබුණි.

මේ සියළු දේ වලින් ජනතාව අපහසුතාවයට පත් වන බව ජනතා මුදල් වලින් වැටුප් ගන්නා දුම්රිය නිලධාරීන් මෙන්ම රජයේ බලධාරීන්ද සිහිතබා ගත යුතුය.

කෙසේ වෙතත් රාත්‍රී 11 පමණ වන තෙක් දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්ථානයේ රැදී සිටිමින් හදිසියේ ආරම්භ කල වර්ජනයට විරෝධය පල කරමින් දුම්රිය කිහිපයක් හෝ ධාවනය කරවන ලෙස බලධාරීන්ට බල කර සිටියේය.

අවසානයේ මෙම දුම්රිය මගීන් නිවෙස් වෙත ගෙන යාමට ශ්‍රී ලංකා යුධ හමුදාව කටයුතු කළේය.

නිවෙස් වෙත යාමට නොහැකිව අසරණ වී සිටි දුම්රිය මගීන් දෙස දුම්රිය බලධාරීන් හෝ රජයේ පාර්ශව හෝ අවධානය යොමු නොකළ අවස්ථාවක ශ්‍රී ලංකා යුධ හමුදාවේ කල එම මෙහෙවර අගය කරමින් බොහෝ දුම්රිය මගීන් මෙම රණවිරුවන්ට ස්තුතිපුර්වකව ප්‍රශංසාව පල කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ අමාත්‍යවරයා කටාර් අග්‍රමාත්‍යවරයා මුණගැසෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වලින් දරුවා ආරක්ෂා කිරීම රජයේ මෙන්ම දෙමව්පියන්ගේත් වගකීමයි – එම්.එච්.ඒ හලීම්..

Mohamed Dilsad

ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයෙන් තවත් එක් පියවරක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment