ක්‍රීඩා

මැතිව්ස්ගෙන් කණ්ඩායමට චෝදනාවක්

(UTV|දඹුල්ල) – දකුණු අප‍්‍රිකාවට එරෙහි දෙවන එක්දින තරගයේ පරාජයට හේතුව ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හෙළි කරයි.

තම කණ්ඩායමේ පන්දු රැකීමේදී සිදු වූ දුර්වලතා නිසා මෙලෙස පරාජයට පත්වීමට සිදුවූ බව ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙයි.

ඊයේ (01) පන්දු රැකීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පාසල් ක්‍රිකට් කණ්ඩායමක සිසුන් ලෙස කටයුතු කල බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නායකයා මේ බව පවසා තිබේ.

ශ‍්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් දකුණු අප‍්‍රිකාව කඩුලූ 04ක ජයක් ඊයේ රාත‍්‍රියේ වාර්තා කළා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස් කළේ ලකුණු 244ක් පමණයි. 42 වන පන්දු වාරයේදී දකුණු අප‍්‍රිකාව කඩුලූ 06ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළේය

ක්වින්ටන් ඞී කොක් විශිෂ්ට ලෙස ලකුණු 87ක්රැස් කල අතර දකුණු අප‍්‍රිකානු ඉණිම පුරා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම පෙනෙන්ට විය.

මෙහිදී උපරිම ප‍්‍රයෝජන ගත් දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් සිය ඉණිම පුරා පන්දුවාරයකට ලකුණු 06කට වඩා වැඩි දළ ලකුණු වේගයක් පවත්වාගැනීමට සමත් විය.
දකුණු අප‍්‍රිකාව හමුවේ ශ‍්‍රී ලංකා පිල අඛණ්ඩව ලැබූ 10 වන එක්දින තරග පරාජය මෙයයි. දෙරට අතර 03වන එක්දින තරගය ලබන ඉරිදා පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඕස්ට්‍රේලියානු කාන්තා පිල තුන්කොන් තරගාවලිය ජයගනී

Mohamed Dilsad

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment