ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළට

(UTV| කොළඹ) – වෛද්‍යවරුන්ගේ හදිසි කැඳවුම් රාජකාරී ඇතුළු බාධක හා පැමිණීමේ දීමනා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කරයි.

ඒ අනුව වෛද්‍යවරයෙකුට රුපියල් 15000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25000 කින් හදිසි කැඳවුම් දීමනාව ඉහළ දැමීමට තීරණය කළ බව වාර්තාවේ.

ඉදිරියේදී ඊට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කරනු ඇත.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරයෙකුට සියලු දීමනා ඇතුළත්ව හිමි වන පළමු මාසික වැටුප රුපියල් 167,000 කි.

නව දීමනාවත් සමග ඔවුන්ගේ මාසික වැටුප රුපියල් 182,000ක් දක්වා ඉහළ යනු ඇති.

පළමු මාසික වැටුප රුපියල් 250,000ක් වන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මාසික වැටුප රුපියල් 275,000ක් දක්වා ඉහළ යයි.

ලබන 3 වන දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ, හදිසි කැඳවුම් රාජකාරී දීමනාව ඉහළ නංවා ගැනීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ශ්‍රී.ල.නි.ප තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අදයි

Mohamed Dilsad

තවත් දෙමළ පක්ෂ රැස්වීමක් අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment