ප්‍රමුඛ පුවත 1

ආචාර්යවරුන්ගෙන් රජය වැය කල මුදල් යළි අයකර ගැනීමට සුදානම්

(UTV| කොළඹ) – පශ්චාත් උපාධි හැදෑරිමෙන් පසුව නැවත මෙරටට පැමිණ නොමැති අචාර්යවරුන්ගෙන් ඔවුන් වෙනුවෙන් රජය වැය කල මුදල් යළි අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට පැමිණ නොමැති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

පශ්චාත් උපාධි හදාරන එක් ආචාර්යවරයෙකු සඳහා රජය රුපියල් ලක්ෂ 60 ක් පමණ වැය කරන බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් පෙන්වා දෙයි.

පශ්චාත් උපාධි හැදෑරූ ආචාර්යවරුන් නැවත දිවයිනට නොපැමිණීම හේතුවෙන් වසරකට රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම හේතු සලකා බලා අදාළ ඇපකරුවන්ගෙන් හෝ එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සජිත්ගේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කරනවා – සරත් ෆොන්සේකා [VIDEO]

Mohamed Dilsad

ජනපතිවරණය අහෝසි කරන ලෙසට ඉල්ලූ පෙත්සම ප්‍රත්ක්ෂේප වෙයි

Mohamed Dilsad

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment