ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරු අනතුරු අඟවති

(UTV| කොළඹ) – ඉදිරි දින දෙක ඇතුළත සිය ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදැක්වුව හොත් දිවයින් පුරා අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) පවසයි.

මෙම තීරණය මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව ගත් තීරණයක් බව ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

වෛද්‍යවරුන්ට රැදී සිටීමේ හා ප්‍රවාහන දීමනා වන  DAT දීමනාව පසුගිය ජූනි මස 07 වන දින සති දෙකක කාලයක් ඇතුලත මුදල් අමාත්‍යංශයෙන් ගෙවීමට පොරොන්දු වූවද මෙතෙක් කිසිදු නිළ ප්‍රතිචාරයක් නොලැබීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වෛද්‍ය සභාව විසින් සකල් කල ලියවිල්ල අනූව මෙතෙක් ගැසට් නොකිරීම, ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් අධිකරණ ක්ෂේත්‍රයට පමණක් වැටුප් ඉහළ නැංවීම, ජාතික වෙළද ප්‍රතිපත්තියක් සකස් නොකර සිංගප්පුරු ගිවිසුම වැනි මෙරටට ඉතාමත් අහිතකර අන්දමේ ජාත්‍යාන්තර වෙළද ගිවිසුම් අත්සන් කරමින් වෘත්තීකයින් ඇතුළු රටේ වෙළද පොල අනතුරට හෙළීම, වෛද්‍ය සභාවේ පුරප්පාඩු වී පවතින තනතුර 04 ක් සදහා නිළවරණය පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියමෙන් මේ වනතුරුත් නොපවත්වා සිටීම, වෛද්‍යවරුන්ගේ උසස්වීම්, දීමනා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිප්පත්තියක් සකස් කලයතු බව ඇතුළු ගැටළු දහයක් සදහා දිගින් දිගටම අතිගරු ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කලද කිසිදු ප්‍රතිචාරයක් කිසිවෙකුත් නොදැක්වීම හරහා මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගයට යොමුවන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ යයි.

Mohamed Dilsad

ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනපති පවසයි.

Mohamed Dilsad

ගෝඨභයට රට යන්න අවසර

Mohamed Dilsad

Leave a Comment