ප්‍රමුඛ පුවත 1

ග්ලයිෆොසේට් තහනම අද (16) සිට නැවත

(UTV| කොළඹ) – සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට පසුගියදා ගැසට් පත්‍රයක් මගින් ලබාදුන් අවසරය හෙට (16) දිනයේදී යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15)  මාධ්‍ය වෙත පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා “ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ තීන්දුවක් අනුව ග්ලයිෆෝසේට් තහනම ඉවත් කරලා ගැසට් පත්‍රයක් පළ කරලා තියෙනවා. නමුත් සඳුදා වන විට නැවත ගැසට් පත්‍රයක් පළ වෙනවා. තේ සහ රබර් හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පැවැත්වෙන ආකාරයට.  ඒ තුළින් තේ සහ රබර් වගා කරන අයට පමණක්  කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත අවසර ලබා දෙනවා”.

මේ සම්බන්ධයෙන් තේ සහ රබර්  වගා කරන අයගෙන් දැඩි ලෙස ඉල්ලීමක් තිබුණා. මේ තහනම ඉවත් කරන්න කියලා. විශේෂයෙන්ම මේ නිසා රබර් කර්මාන්තයටද බලපෑමක් ඇතිවූණා. ඒ අනුව විද්වත් කමිටුවකින් ආපු නිර්දේශ මත එම භෝග දෙකට තහනම ඉවත් කරන්න කටයුතු කළා”යැයි පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

16 වැනිදාට තරුණ තරුණියන් නිවැරදි තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව මීළඟ පාර්ලිමේන්තු සැසියේදී

Mohamed Dilsad

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment