විදෙස්

පකිස්ථාන හිටපු අගමැති සහ දියණිය අත්අඩංගුවට

(UTV| පාකිස්ථානය) – ලන්ඩන්යේ සිට පකිස්ථානයට පැමිණී පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් සහ ඔහුගේ දියණිය ලාහෝර් නුවරදී අත්අඩංගුවට ගැනේ.

සිය ධුර කාලය තුල සිදුවු අක්‍රමිකතාවකට අදාළව නවාස් ශරීෆ්ට පසුගියදා වසර 10 ක සිර දඩුවමක් සහ පකිස්ථාන රුපියල් බිලියන 1.3 ක දඩ මුදලක් පනවනු ලැබීය.

මෙම චෝදනාවන්ට අදාළව හිටපු අගමැතිවරයාගේ දියණියට නියමවු සිර දඩුවම් කාලය වසර 7 කි.

මේ අතර නවාස් ශරීෆ්ගේ බෑනාට වසරක සිර දඩුවමක් නියමවු අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගතව සිටියි.

සිය බිරිඳගේ රෝගී තත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහායි පකිස්ථාන හිටපු අගමැතිවරයා සහ දියණිය විදෙස්ගතව සිට තිබුණි.

නවාස් ශරීෆ් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුගේ පාක්ෂිකයන් දස දහසකට වැඩි පිරිසක් ද එම ප්‍රදේශයට පැමිණ සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි පැය 48 තුළ සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට යයි

Mohamed Dilsad

පැය 24 ක් තුළ ඉන්දියාවේ කොරෝනා මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දු මැතිවරණයේ 3වැනි ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

Leave a Comment