ප්‍රමුඛ පුවත 1

තායි – ශ්‍රී ලංකා අගමැතිවරු හමුවෙති

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ දින දෙකක නිල සංචාරයක් සඳහා ඊයේ(12) දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා අද (13) උදැසන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

කොළඹ පිහිටි අරලියගහ මන්දිරයේ දී මෙම හමුව උඉදැසන සිදු විය. ඊයේ (12)  පස්වරුවේ කොටුවේ ජනාධිපති කාර්යාලයේ දි තායි අග්‍රාමාත්‍ය වරයා වෙනුවෙන් නිල පිළිගැනිමේ උත්සවයක් පැවැත් වූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉතාමත් උණුසුම් ලෙස තායි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.

තායි අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව මහනුවර බලා යන තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය, ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට ද යන අතර ඉන් පසු මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් පැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන්වහන්සේලා වැඳ පුදා ගැනිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි- ජනපති

Mohamed Dilsad

වොයිස් ඔෆ් ඇමරිකාහි දේපල රජයට පවරා ගනී

Mohamed Dilsad

පොලිස්පතිගෙන් ජනතාවට විශේෂ උපදෙසක්

Mohamed Dilsad

Leave a Comment