ප්‍රමුඛ පුවත 1

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන්ට හමුදාපති සුබපතයි

(UTV| කොළඹ) – නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් පස්දෙනා ඊයේ (10) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කාර්යාලයේ දී හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් 2018 ජූනි මස 29 වන දින සිට නිලධාරින් පස්දෙනා මේජර් ජෙනරාල් නිලයට උසස් කරන ලදි.

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජි.අයි. විද්‍යානන්ද – ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජි. නානායක්කාර – ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, යුද්ධ හමුදා ආධුණික බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ඩි.එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ආර්.බි.එම්. දවුලගල – ගජබා රෙජිමේන්තුව, යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් එස්.කේ. තිරුනාවුකරසු – ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ආර්. වනිගසුරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන්, නව උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සුභ පැතුම් එක්කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් යුද්ධ හමුදාවට සිදුකරනු ලබන දායකත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට මෙන්ම යුද්ධ හමුදාවේ ඉදිරිපැවැත්ම සඳහා තවදුරටත් සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ව්‍යාජ නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

දෙමළ සන්ධානයේ තීරණය

Mohamed Dilsad

වෙසක් උත්සවය නිමිත්තෙන් සියලූම සුරාසැල් දින 4 ක් වසා තැබේ.

Mohamed Dilsad

Leave a Comment