ප්‍රමුඛ පුවත 1

ජාතික සමුපකාර දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ජාතික සමුපකාර දින සැමරුම් උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්විණි.

ඒ වෙනුවෙන් සකස් කරන ලද සමරු කලාපය සහ සමූපකාර ව්යාපාරය පිළිබද රචනා කරන ලද පොත් පිංච මෙහිදී ජනාධිපතිතුමා ට පිළිගැන්විණි.

ජාත්යන්තර සමූපකාර දිනය වෙනුවෙන් අන්තර් සමූපකාර සංගම් අතර පැවති තරගවල ජයග්රාහකයින්ට සම්මාන සහ තිළිණ ප්රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ජනාධිපතිතුමාට විශේෂ සමරු තිළිණයක් පුද කළේය.

ජාතික සමුපකාර දිනය මෙවර සමරනු ලැබුවේ 96 වෙනි වතාවටය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්ය අමාත්ය අමීර් අලී, රාජ්ය අමාත්ය ඒ.එල්.එම්. හිස්බුල්ලා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක, ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ පීරිස් , සමුපකාර කොමසාරිස් එස්.එල් නසීර්, යන මහත්වරු, සමුපකාර සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/PMD-07-09-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/PMD-07-09-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/Rishad-Bathiudeen.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලිපි බෙදන්න පොලිසියේ සහය

Mohamed Dilsad

ඔබේ ඡන්දය අපට ලබා දෙන්න

Mohamed Dilsad

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රීකුණාමලයේ දී

Mohamed Dilsad

Leave a Comment