ප්‍රමුඛ පුවත 1

තලාව කොල්ලයේ සැකකරුවන් හඳුනා ගනී

(UTV|අනුරාධපුරය) – රුපියල් නව කෝටි පනස් ලක්ෂය ඉක්ම වූ අනුරාධපුර, තලාව බැංකු කොල්ලයේ සැකකරුවන් හඳුනාගෙන තිබේ.

ඊට අදාළ සැකකරුවන් ඉදිරි දින දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පවතින බව පොලීසිය පවසයි.

මේ වන විට පොලිස් කණ්ඩායම් 8ක් යොදවා තිබේ .

එමෙන්ම පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර ඇත.

ඊයේ උදෑසන මෙම සොරකම සිදුව ඇති අතර එහිදී සොරාගන්නා ලද මුදල්වල වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වේ.

එමෙන්ම බැංකුවේ උකසට ගෙන තිබූ කිලෝ 22 ග්‍රෑම් 806 බර රන් භාණ්ඩ ද සොරුන් රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම රුපියල් හත් කෝටි අසූ ලක්ෂයකට ආසන්නය.

බැංකුවෙහි පිටුපස දොර කඩා කොල්ලකරුවන් ඊට ඇතුළු වී ඇති අතර, පසුව එහි තිබූ සේප්පු 3ක් කඩා විවෘත කොට මෙම මුදල් සහ රන් ආභරණ කොල්ල කා තිබුණි.

බැංකුවෙහි සවි කර තිබූ ආරක්ෂක සංඥා පද්ධතිය සහ කැමරා පද්ධතිය ද ගලවාගෙන ගොස් ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සන්සුන්ව ඉවසීමෙන් සිට ආරක්‍ෂක අංශ වෙත සහයෝගය දෙන්න -අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

අනතුර සම්බන්ධයෙන් පාඨලීගේ රියදුරුගෙන් අද ප්‍රකාශයක්

Mohamed Dilsad

මෝදි ගේ සංචාරය නිසා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment