ප්‍රමුඛ පුවත 1

මෝදි ගේ සංචාරය නිසා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV| කොළඹ) – ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සහ කොළඹ අවට මාර්ග කිහිපයක ගමනාගමනය අද සීමා කෙරේ.

ඒ අනුව, පෙරවරු 11 සිට මධ්‍යහ්න 12 දක්වා සහ පස්වරු 1.45 සිට පස්වරු 3 දක්වා අවස්ථා දෙකකදී අදාළ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙයි.

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය, පෑලියගොඩ ගුවන් පාලම, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල හරහා කනත්ත වටරවුම දක්වා බේස්ලයින් මාර්ගයේත්, බොරැල්ල ඩී.එස්.සේනානායක හන්දියේ සිට හෝර්ටන් පෙදෙස, නෙලූම් පොකුණ වටරවුම, ආනන්ද කුමාර ස්වාමි මාවත, පිත්තල හන්දිය, යෝක් වීදිය, බාරොන් ජයතිලක මාවත, ලෝටස් පාර, බැංකු මාවත, ජනාධිපති මාවත, ගාලූපාරේ ගාලූ-මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වාත් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Related posts

කැලණිය රජමහා විහාරස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

අභිමානවත් 70 වන නිදහස් දින සැමරුම ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment