ක්‍රීඩා

වසර 32කට පසු රුසියාව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

(UTV| කොළඹ) – 2018 වසරේ සත්කාරක රුසියාව වසර 32කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, ලෝක ශූර ස්පාඤ්ඤ සමග පැවැති තරගය දඬුවම් පහර 4 ට 3 ක් ලෙස ජය ගනිමිනි.

මෙම තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබා ගෙන සම තත්ත්වයේ සිටි නමුත් පසුව ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා අතිරේක කාලයක් ලබා දුන්නේය.

එම කාලය තුළදී ද ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් 2කම අසමත් විය.

පසුව ජයග්‍රාහකයා තීරණය කිරීමට දඬුවම් පහර ලබා දිමට විනිසුරුවරුන් තීරණය කළ අතර එහිදී දඬුවම් පහර 4ට 3ක් ලෙස රුසියාව අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර ගත්තේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරඟ තහනම ගැන ජයසුරියගෙන් විශේෂ ප්‍රකාශයක්.

Mohamed Dilsad

ශ්‍රී ලංකා සංචාරයෙන් බෝඩ් ඉවත් කළේ ඇයි?

Mohamed Dilsad

2019 ලෝක කුසලාන තරගාවලිය අහිමි වන රට?

Mohamed Dilsad

Leave a Comment