ව්‍යාපාරික

“සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල්”ඇමති රිෂාඩ් කියයි

(උදයම්,වවුනියාව) – සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල් ලබාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

පාරිභෝගික ජනතාව පීඩාවට පත් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන  බවත් සතොස මගින් රට පුරා සුදු කැකුළු රු. 70 සහ සුදු නාඩු රු. 72 බැගින් පාරිභෝගිකයන්ට ප්‍රමණවත් තරම් සහල් ලබාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවයා ප්‍රකාශ කළේය .

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වවුනියාව සතොස වෙළෙද මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ(13) රාත්‍රීයේ එක්වෙමින්.  එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ දි භාණ්ඩ මිල පාලනයට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර ලංකා සතොස 325 වන ශාඛාව විවෘත කළ පළමු දිනයේ පිරිවැටුම රුපියල් ලක්ෂ 6 ඉක්මවා තිබේ.

දිවයින පුරා සතොස ශාඛා 500ක් ආරම්භ කිරීමේ වැඩසටහනේ 325 වන ශාඛාව මූතූර් හිදී විවෘත කෙරුණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කළේය.

 

Related posts

කිරි ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන හිගය මගහරවන්න සැළසුම්

Mohamed Dilsad

රඳවා ගැනීමේ බදු 10% දක්වා වැඩි කිරීමෙන් බැංකු ස්ථාවරa තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව පෙළඹිලා

Editor O

හෙට සහ අනිද්දා කොටස් වෙළඳපොල වැසේ

Mohamed Dilsad

Leave a Comment