ප්‍රමුඛ පුවත 1

පෝරතොට මුහුදේදී අතුරුදන්වූ සිසුවෙකුගේ සිරුර සොයා ගනී

(UTV| කොළඹ) – කොච්චිකඩේ ,ඒත්තුකාල, පෝරතොට මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගනී.

ඒ අද (16) අලුයම බව පොලිසිය පවසයි.

මොවුන් දිය නෑමට ගිය ප්‍රදේශයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරකින් පිහිටි කම්මල්තොට මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදි සිරුර සොයාගෙන තිබේ.

16 හැවිරිදි මෙම සිසුවා තවත් පාසල් සිසුන් 04 දෙනෙකු සමඟ ඊයේ (15) මුහුදේ දිය නෑම සඳහා ගොස් තිබුණි.

ඉන් සිසුන් 04 දෙනෙකු දිය නෑම සඳහා මුහුදට බැස තිබූ අතර එහිදී සිසුන් සිව් දෙනෙකු සැඩ පහරට හසුවූ බවයි පොලීසිය ඊයේ(15)  සදහන් කළේය.

ඉන් සිසුන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් බේරා ගත් අතර අනෙක් සිසුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන් විය.

දළුවක්කොටුව ප්‍රදේශයේ පදිංචි ඔවුන් කොච්චිකඩේ ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව සඳහන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට..

Mohamed Dilsad

ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

Mohamed Dilsad

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු 13 සිට ආරම්භ වේ.

Mohamed Dilsad

Leave a Comment