ප්‍රමුඛ පුවත 1

ප්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට

(UTV| කොළඹ) – හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ගුවනින් කොළඹට රැගෙන ඒමට තීරණය කරයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට අද අලුයම හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සැත්කමකට ලක් කළේය.

නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඊයේ රාත්‍රියේදීය.

එහිදී උන්වහන්සේගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදී ඇති බව වාර්තාවේ.

මේ වන විට වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඒ සඳහා යොදා ගත් මෝටර් රථයද සොයා ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

Mohamed Dilsad

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

නව රජයේ කැබිනට් මණ්ඩලය පත් වෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment