ප්‍රමුඛ පුවත 1

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

(UTV| කොළඹ) – මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති, ආචාර්ය ජෙෆ්රි ‍ශෝ මහතා ඊයේ (14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය.

එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග සහ අධ්‍යක්ෂ නාවික බුද්ධි, කපිතාන් සංජීව ප්‍රේමරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ‍උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා ඇතුළු එරට නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
එහිදී ඔවුන්, මුහුදු මාර්ග ඔස්සේ සිදු ‍කෙරෙන නීති විරෝධී සංක්‍රමණ, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මුහුදු සීමා උල්ලංඝණය කර ධීවර කටයුතුවල නිරත වීම මෙන්ම ඒවා මැඩපැවැත්වීම සඳහා ගත හැකි පියවර ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තුව විසුරුවයි.ඡන්දය ජනවාරි 05

Mohamed Dilsad

සරසවි නේවාසිකාගාර ගැටලුවට කඩිනමින් විසදුම් -ඇමති කිරිඇල්ල

Mohamed Dilsad

පාකිස්තානු විදේශ අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment