ප්‍රමුඛ පුවත 1

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

(UTV|බදුල්ල) – විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටලු සහ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීමේදී වගකිවයුතු සියලු ආයතන, සිය වගකීම් පිළිබඳ නිසි අවබෝධයෙන් මෙන්ම මානුෂිකත්වය ද පෙරදැරි කර ගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

විදේශගත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් මුහුණදෙන ඇතැම් ගැටලුවලට තවමත් විසඳුම් ලැබී නොමැති අතර රජය කි‍්‍රයාත්මක කරන ප‍්‍රතිපත්ති සහ සැලසුම් ඉලක්ක සහගතව සපුරා ගැනීමට හැකිවන්නේ අදාළ ආයතනවල නිලධාරින්ගේ කි‍්‍රයාකාරිත්වය මත බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය හා සම්පත් මධ්‍යස්ථානය ඊයේ (08) පස්වරුවේ විවෘත කරමිනි.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකර ඇති මෙම නව විගමණික සම්පත් මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 540 ක් වන අතර, පස් මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙය සියලු පහසුකම්වලින් සමන්විතය.

විදේශ රැකියා සඳහා ශ‍්‍රමිකයින් පුහුණු කිරීම, සුබසාධන සේවාවන් ලබාදීම, විදේශගතවන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතු`ථ සේවාවන් මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටට විදේශ විනිමය උපයාදෙන සුවිශේෂි පිරිසක් වූ විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම මෙන්ම ඔවුන්ට යහපත් මානසිකත්වයකින් යුතුව තම රැකියා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පසුබිම සකසාදීම සෑමවිටම රජයක වගකීම වන බවයි.

ඒ වෙනුවෙන් වත්මන් රජය විසින් ද වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර, විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන සියලු ආයතන සිය වගකීම් නිසි ලෙස ඉටුකරන මෙන්ම මනුෂ්‍යත්වය අගයන සේවාවක් බවට ඉදිරියේදී පත්විය යුතු බව ද කියා සිටියේය.

අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී. රැකව, ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් මෙන්ම හිටපු විදේශ රැකියා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි කේ. ඕ.ඩී.ඩී. ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුවේ තුන් වන කැබිනට් සංශෝධනය අද

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.

Mohamed Dilsad

Leave a Comment