ක්‍රීඩා

රන් පදක්කමක් සහ රිදි පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ අද (08) පැවැත්වුණු තරග ඉසව්වලදී රන් පදක්කමක් සහ රිදි පදක්කම් දෙකක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ජපානයේ පැවැත්වේ.

මීටර් 400 බාලක ධාවන ඉසව්වට එක් වූ අකුරම්බන වීරකැප්පෙටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන නව තරගාවලි වාර්තාවක් සමගින් මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. තරග නිමි කාලය තත්පර 45.79 කි.

එම ඉසව්වේ රිදී පදක්කමද හිමි වුයේ ශී‍්‍ර ලංකාවටයි. තත්ත්පර 46.96 ක දක්‍ෂතාවක් වාර්තා කරමින් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පසිදු කොඩිකාර එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තේය.

මීටර් 400 බාලිකා ධාවන ඉසව්වට එක්වූ වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩිල්ෂි කුමාරසිංහ එහි රිදී පදක්කම දිනා ගත්තේ තත්ත්පර 54.03 ක දක්‍ෂතාවක් වාර්තා කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් තරග විකාශන අයිතිය චැනල් අයි නාලිකාවට හිමිවෙයි

Mohamed Dilsad

කොදෙව්වන් සමඟ හෙට පැවැත්වෙන තරඟයේදී ක්‍රීඩාකල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Mohamed Dilsad

19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සියල්ල සුදානම්

Mohamed Dilsad

Leave a Comment