ප්‍රමුඛ පුවත 1

අගමැති හෙට ඔස්ට්‍රේලියානු නිල සංචාරය අරඹයි

(උදයම්,කොළඹ)  – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය හෙට(13) දිනයේ සිදුකරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ලබන 17 වන දින දක්වා ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට නියමිතව තිබේ.
මෙම සංචාරය තුළ දී අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එරට රජයේ මැති ඇමතිවරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මේ අතර අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය හේතුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර තිබේ.

Related posts

සුදු හකුරු සුමිත්ගේ ඝාතකයින් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

ජනපති ආණ්ඩුකාරවරුන් හමුවේ

Mohamed Dilsad

මැතිවරණ කටයුතු බලන්න ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment