ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දැඩි ආරක්ෂාවක්

(UTV | කොළඹ) – ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා ඇති බවත් ඒ සඳහා පොලිස් නිලධාරීන් 60,175 ක් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊයේ දිනය වන විට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොලීසියට ලැබි ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 82ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියි.

එමෙන්ම නීති උල්ලංගනය කිරීම 100ක් බවත් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත්  පැවසීය.

ඡන්ද පොළවල් 12856ක් සඳහා එක් ඡකන්ද පොළකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ ඇති සියලුම ඡන්ද පොළවල් ආවරණය වන පරිදි පොලිස් ජංගම සංචාර 3043ක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් අධිකාරී රුවන්ගුණසේකර මහතා පැවසුවේ පොලිස් ජංගම සංචාර 3043 සඳහා පොලිස් නිලධාරීන් 6086 ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව 6086ක් බවයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43 සඳහා යොදවන සම්පූණ පොලිස් නිලධාරීන් ගණන 2193ක් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු කාරක සභාවට යන්නේ නෑ.

Mohamed Dilsad

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය යතා තත්වයට

Mohamed Dilsad

Leave a Comment