ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ප්‍රවේශ මාර්ගය 8දා විවෘත වෙයි

(UTV| කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දොඩන්ගොඩ සහ ගැලනිගම අතර පැල්පොළ ඉදිකරන ලද නව පිවිසුම් මාර්ගය ජූනි 08 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් බිලියනයක වියදමින් මෙම නව පිවිසුම් මාර්ගය ඉදි කළේ, හොරණ මිල්ලනියේ පිහිටි කර්මාන්ත පුරයට ප්‍රවේශවීමට පහසු කිරීමේ අරමුණින් බව එම අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඊයේ (5) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දොම්පේ, ඇස්වත්තේ ඉදි කරන ලද නව පාලම ද ජූනි 08 වෙනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිත බවද සභාපතිවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

Mohamed Dilsad

ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment