ව්‍යාපාරික

දේශීය ලොකු ටින් මාළු මිල ඉහළට?

(UTV| කොළඹ) – දේශීය ටින් මාළු නිෂ්පාදකයින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ දේශීය ලොකු ටින් මාළු මිල ගණන් ඉහළ නංවන ලෙසයි.

දේශීය ලොකු ටින් මාළු වල තොග මිල රුපියල් 140 ක් වන අතර විදේශීය ලොකු ටින් මාළු එකක මිල රුපියල් 146 ක් වේ.

නිෂ්පාදන වියදම වැඩිවීම හේතුවෙන් දේශීය ටින් මාළු මිල විදේශීය ටින් මාළු මිල හා සමානව වැඩිකරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා ඇත.

ඒ පිළිබඳ හෙට(06) රැස්වන ජීවන වියදම් කමිටු රැස්විමේදී තීරණය ගන්නා බව ජීවන වියදම් කමිටු සාමාජිකයෙකු සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇණවුම් නොමැතිව ඉන්ධන බවුසර් පිරවුම්හල් වෙත යැව්වා – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කර ජාතික ආර්ථිකයට දායක කර ගන්නවා – ජනාධිපති

Editor O

Leave a Comment