ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව සොයා බැලේ

(UTV| කොළඹ) – දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.

විශේෂයෙන් කූඨ ලේඛන සකස් කරගනිමින් පවත්ගෙන් යනු ලබන සම්බාහන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් මෙහිදී ක්‍රියාමාර්ගක් ගැනීමට නියමිතය.

දේශීය වෛද්‍ය පළාත් අමාත්‍ය සමුළුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(04) රැස්වු අවස්ථාවේ දී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

මෙරට බොහෝ සම්බාහන මධ්‍යස්ථාන නීති විරෝධී ලෙස පවත්වාගෙන යන බැවින් මෙම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාශය සඳහන් කළේය.

සමුළුවට එක්ව සිටි පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් සඳහන් කළේ කූඨ ලේඛන සකස් කරගනිමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන රැසක් පවතින බවයි.මහරගම නගරසභා බල සීමාවේ පමණක් එවැනි මධ්‍යස්ථාන 300ක් පමණ ඇති බවද මෙහිදී  අනාවරණය වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව තවත් විශ්වාසභංගයක්

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ජනපති පොදු සමාවක් නෑ…

Mohamed Dilsad

කලකට පසු සිකුරු ග්‍රහයා දකින්න

Mohamed Dilsad

Leave a Comment