ප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය කතානායකවරයා පත්කිරීම අද

(UTV| කොළඹ) – නියෝජ්‍ය කතානායකවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද ( 05) පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිතය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුව පස්වරු 1.00 ට පමණ අද රැස්වීමට නියමිත අතර දිනට නියමිත ප්‍රධා‍න කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පත් කිරීම සිදුකිරීමට නියමිත තිබේ.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මහතාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්කළ මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ නමත් යෝජනා‍ වී ඇත.

මේඅතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමද යෝජනා වී තිබේ.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති හෙයින් මේ සඳහා ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතාවගේ අවධානයට නිවේදනයක්

Mohamed Dilsad

දකුණේ උණ රෝගය පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යාපනය ප්‍රදර්ශනය ඇමති සජිත් අතින් විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment