ප්‍රමුඛ පුවත 1

බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

(UTV| කොළඹ) – දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (18) දිනයේදීත් මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක් පමණ වූ තද වැසි ඇතිවිය හැකි අතර, එම අවස්ථාවන්වලදී අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 03 ක් ඊයේ රාත්‍රියේ විවෘත කිරීමට පියවර ගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සමන් ඒකනායක ජනාධිපති විමර්ශන කොමිෂන් හමුවට

Mohamed Dilsad

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment