ප්‍රමුඛ පුවත 1

ජනප්‍රිය කාන්තා පාසලක සිදුවූ අක්‍රමිකතාවයක් ගැන පරීක්‍ෂණ

(UTV| කොළඹ) – කොළඹ ජනප්‍රිය බාලිකා පාසලකට ළමුන් ඇතුළත් කර ගැනීමේදී සම්මුක පරීක්ෂණ මණ්ඩලය විසින් සිදු කලේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ආරම්භ කෙරේ.

වසර 2018 ට අදාළ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී සහ අනෙකුත් වසරවල් සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදී මෙම අක්‍රමිකතා සිදුව ඇති බවයි හෙළිව ඇත.

අදාළ විද්‍යාලයේ විදුහල්පතිනිය මෙම සම්මුක පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිත්වය දරා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ මූලික විමර්ශනවලදී එම බාලිකා විද්‍යාලයේ අනධ්‍යන සේවකයෙකු පාසලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අවශ්‍ය කරන ලිපිලේඛනවලට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අත්සන් ද ව්‍යාජ ලෙස යොදා ඇති බව චෝදනා එල්ල වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරියෙකුට ස්ථාන මාරුවක්ද ලැබී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති අපේක්ෂකයා ගැන අගමැති සුළු පක්ෂ මතය විමසීමට යයි

Mohamed Dilsad

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ජනපති වැය ශීර්ෂය ඒකමතිකව සම්මත වෙයි

Mohamed Dilsad

Leave a Comment