ප්‍රමුඛ පුවත 1

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

(UTV| කොළඹ) – රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සියලු අමාත්‍යවරුන්ගේ, මන්තී‍්‍රවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහබංකු හා භාණ්ඩාගාර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විශේෂ එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපතිතුමා ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙයි.

මෙම වැඩසටහන පිළිබඳ ඔවුන් පුළුල් ලෙස දැනුවත් කිරීම සහ අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණයි. ජාතික ආර්ථික සභාව  ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.

ජාතික ආර්ථික සභාව මගින් ඉදිරිපත් කෙරුණු රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ, ඒකාබද්ධ සීග‍්‍රගාමී ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන මූලික කර ගනිමින් කි‍්‍රයාවට නැංවීමට නියමිත අතර, කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් සාර්ව, ශුද්ධ සහ ව්‍යුහාත්මක යන කොටස් 03 යටතේ එම උපායමාර්ග කි‍්‍රයාවට නැංවීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම වැඩපිළිවෙළ දැනට කි‍්‍රයාත්මක සියලු සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධ කර ගනිමින් කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද අවධානය යොමු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

Mohamed Dilsad

කුඩා තේ වතු හිමියන්ට තේ පැල නොමිලේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment