ප්‍රමුඛ පුවත 1

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හදිසියේ මියයයි

(UTV| කොළඹ) – හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු සමඟ සිටි තවත් ක්‍රීඩකයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි.

ඊයේ(13) අලූයම මෙම ක්‍රීඩකයන් දෙදෙනා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලීම හේතුවෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් රෝහල් ගත කරනු ලැබීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි රග්බි ක්‍රීඩකයෙකි.

පසුගිය 10 වනදා ක්‍රීඩකයන් 22 කුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන් පසුගිය 12 වනදා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සුහද රග්බි තරගාවලියකට සහභාගිවී එහිම පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක්ව තිබේ.

පසුව ඔවුන් නැවතී සිටි සංචාරක හෝටලයට පැමිණ නැවත කොල්ලූපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවකට ගොස් විනෝද වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට ලංකා සතොසෙන් සහනාධාර සැපයීමට පියවර

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

විරෝධතාවයේ නිරත සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment