ප්‍රමුඛ පුවත 1

ෆේස්බුක් හරහා මුදල් සෙවූ තරුණයෙකු අත්අඩංගුවට

(UTV|පොළොන්නරුව) – ෆේස්බුක් හරහා වංචනිකව මුදල් ලබාගත් තරුණයෙකු පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වෙනත් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම්වලට ඇතුලූ වී එම ගිණුම්වල හිමිකරු ලෙස පෙනී සිටිමින් මෙලෙස මුදල් වංචා කර ඇති බව අනාවරණය වී ඇත.

ඊයේ(09) අත්අඩංගුවට ගත් සැකකරු 19 හැවිරිදි වියේ පසුවන මූණමල්දෙණිය – කඹුරාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ෆේස්බුක් හරහා මිතුරන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාශය පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අවසාන චන්ද්‍රග‍්‍රහණය හෙට

Mohamed Dilsad

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment