ප්‍රමුඛ පුවත 1

ආදායම වැඩිකර ණය කළමනාකරණය සඳහා අණපනත් රැසක් සම්මත කර ගත් බව ජනපති කියයි

(UTV| කොළඹ) – රටේ ආදායම වැඩිකරගැනීම සහ ණය කළමනාකරණය සඳහා පැවති පාර්ලිමේන්තු සැසිවාරය තුළදී අණපනත් රැසක් සම්මත කරගැනීමට හැකිවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින්  ජනාධිපතිවරයා රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා යහපාලන රජය විසින් පසුගිය කාලයේ සිදුකළ ව්‍යාපෘති පිළිබඳව පැහැදිළි කිරීමක් ද සිදුකළේය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ උතුර සහ නැගෙනහිර පලාත්වල ආරක්ෂක හමුදා යටතේ පැවති ඉඩම්වලින් සියයට 85 ක් මුල් පදිංචිකරුවන්ට ලබාදී ඇති බවයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් හෙට (09) දහවල් එකවන තෙක් පාර්ලිමේන්තුව කල් තබන බව ප්‍රකාශයට පත් කළේය.

මේ අතර පසුගියදා ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද

Mohamed Dilsad

ගෝඨාභය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණයට [VIDEO]

Mohamed Dilsad

පොලිස්පතිගේ හඬ පරීක්‍ෂණයේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment