ප්‍රමුඛ පුවත 1

මාර්ග අනතුරු වලින් මිය යන රියදුරන්ගේ අවයව ගන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි

(උදයම් , කොළඹ) –  මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ පටක, අත්‍යවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා කැමැත්ත ලබාදීමට රියදුරන්ට හැකිවන පරිදි රියදුරු බලපත්‍රය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වෙයි.

 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 

සිය අවයව හා පටක පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත ලබා දීමට රියැදුරන්ට හැකි වන පරිදි කැමැත්ත ප්‍රකාශ කරන ප්‍රකාශයක් ඇතුළත් කර රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ හා අලුත් කිරීමේ අයදුම්පත්‍ර සං‍ශෝධනය කිරීමටත්, එසේ ලබා දෙන ලද කැමැත්ත නිරූපනය වන පරිදි දැනට පවතින රියැදුරු බලපත්‍රය සංශෝධනය කිරීමටත් මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.

 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

 

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීමට අදාළ පළමු වාර්තාව අද භාරදෙයි..

Mohamed Dilsad

පොල් මිල බස්සන්න පිටරටින් පොල්තෙල්

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1923

Mohamed Dilsad

Leave a Comment