ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

(උදයම්,කොළඹ)  – කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් අද පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ඒ අනුව අද පස්වරු 5 සිට ඒ අවට මාර්ගවල රථවාහන ධාවනය කිරීමෙන් වැළකී සිටින ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නවම්පෙ මහා පෙරහැර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, පෙරහැර මාවත, උත්තරානන්ද මාවත, නවම් මාවත ඔස්සේ විහාරස්ථානයට ලඟා වීමට නියමිතය.

මේ නිසා මෙම මාර්ගවල ගමන් ගන්නා රථවාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

විකල්ප මාර්ග ලෙස ධර්මපාල මාවත, යූනියන් පෙදෙස, විනිසුරු අක්බාර් මාවත, ගාලු පාර භාවිත කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලසිය සඳහන් කරයි.

Related posts

අවම මිලක් යටතේ අමතර විදුලිය මෙගාවොට් 500 ක් ජාතික පද්ධතියට එක් කරනවා – විදුලි බල ඇමති

Mohamed Dilsad

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්

Mohamed Dilsad

කොළඹ වරාය සහ ඒ අවට ආරක්ෂාව තර කරන්නැයි උපදෙස්…

Mohamed Dilsad

Leave a Comment