ප්‍රමුඛ පුවත 1

රණමයුර සම්මාන පදක්කම සොයා ගනී

(UTV| කොළඹ) – අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිවසේ තිබී අතුරුදන්වූ රණමයුර සම්මානය සොයා ගැනුණු බව පොලිසිය පවසයි.

ඒ අද (05) උදෑසන කොල්ලූපිටිය – කඩුවෙල 177 පුද්ගලික බස් රථයක් තුළ තිබියදීයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ අදාළ බස් රථයේ ගමන් මළු රඳවන රාක්කයේ එම පදක්කම කිසියම් අයෙකු දමා ගොස් ඇති බවට බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා කොල්ලූපිටිය පොලීසියට දැනුම් දීමක් කර ඇති බවයි.

ඒ අනුව කොල්ලූපිටිය පොලීසියේ නිලධාරීන් විසින් එම පදක්කම සිය භාරයට ගෙන තිබෙනවා. අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ බිරිඳ වන සුමිත‍්‍රා පීරිස් විසින් එය අතුරුදන් වූ පදක්කම බවට හඳුනාගෙන තිබේ.

පසුගිය 02වනදා  අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ අවමගුල් උත්සවය අවස්ථාවේදී එම පදක්කම සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව බම්බලපිටිය පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජංගම දුරකථන භාවිතා කරන ඔබගේ අවධානට පිණිසයි

Mohamed Dilsad

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

සුදු ළුෑණු සහ බී ළුෑණු මිල ඉහලට .

Mohamed Dilsad

Leave a Comment